Home Local News Room : රජයෙන් ටැක්සි ඇප් එකක්…

News Room : රජයෙන් ටැක්සි ඇප් එකක්…

0
0

 

ඉදිරි මාස හයක කාලය ඇතුළත ත්‍රීරෝද රථ සේවාව විධිමත් කිරීම සඳහා නව දේශීය ජංගම දුරකථන යෙදුමක් (App) හඳුන්වා දීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. 

යුරෝපීය හෝ විදේශීය යෙදුම් මත යැපෙනවා වෙනුවට ලංකාවටම ආවේණික වූ පද්ධතියක් ගොඩනැගීම මෙහි අරමුණ බවත්, ඒ හරහා වසරක් ඇතුළත මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථ මෙම ඇප් එක (App) හරහා නිරීක්ෂණය කිරීමට මවුපියන්ට අවස්ථාව ලබා දීම මෙහි එක් සුවිශේෂී අංගයකි. 

“ත්‍රීරෝද රථයෙන් දරුවා පාසලට රැගෙන ගියාද යන්න ඇප් එක හරහා මවුපියන්ට පෙනෙන්න ඕනේ. ඒ වගේ දේවල් මාස හයක් වැනි කෙටි කාලයකින් කරන්න පුළුවන්,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

මීට අමතරව, නගර මධ්‍යයේ පිහිටි ත්‍රීරෝද රථ ගාල් මගීන්ට සහ රියදුරන්ට පහසුකම් සහිත ගුණාත්මක ස්ථාන බවට පත් කරන බවද ඔහු පැවසීය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලංකාව පුරා කිසිසේත්ම ලාභ ලැබිය නොහැකි බස් මාර්ග පවතින බවයි. 

එවැනි අනාර්ථික මාර්ගවල ධාවනය වන බස් රථ සඳහා රජයෙන් සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 2000ක මුදලක් වෙන් කර ඇති බව ඔහු අනාවරණය කළේය.

“යම් බස් රථයක දෛනික වියදම රුපියල් 25,000ක් වී ආදායම රුපියල් 15,000ක් පමණක් ලැබෙන්නේ නම්, ඉතිරි රුපියල් 10,000ක මුදල රජය මගින් අදාළ ඩිපෝවට ලබා දෙනවා. ගම්බද ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට මෙවැනි සහනාධාර අත්‍යවශ්‍යයි,” යැයි අමාත්‍යවරයා පැවසීය. 

තමන්ගේ ප්‍රදේශවල මෙලෙස අලාභ ලබන නමුත් ජනතාවට අත්‍යවශ්‍ය වන මාර්ග පවතී නම් ඒවා පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here