Home Local News Room : ශ‍්‍රී පාද කන්දේ කසිප්පු පෙරයි..

News Room : ශ‍්‍රී පාද කන්දේ කසිප්පු පෙරයි..

0
0

 

මස්කෙළිය
පොලිස්වසමට අයත් ස්ටැස්පි වතුයයාට ඉහළින් පිහිටි සමලනළ ස්වාභාවික රක්ෂිතයේ ඇළ
මාර්ගයක් අසළ නීති විරෝධී ලෙස මත්පැන් පෙරමින් සිටි සැකකරුවෙකු උපකරණ සමග මස්කෙළිය
පොලිසියේ නිළධාරින් විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

මස්කෙළිය
පොලිසියේ බුද්ධි අංශයේ නිළධාරින්ට ලද තොරතුරක් මත එම නිළධාරින් සහ මස්කෙළීය
පොලිසියේ නිළධාරින් පිරිසක් එම රක්ෂිතය තුලට පිවිස දින එක හමාරක් එහි රැදී සිට
මෙසේ නිති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් පෙරිමේ ස්ථානය වටලා ඇත.

මෙම
වැටලීමේදි ගෝඩා ලීටර් 210ක් විනාශ කල අතර, සැකකරු විසින් පෙරා තිබූ ස්ප්‍රිතු මිලි
ලිටර් 1500ක් සහ නීති විරෝදී ලෙස මත් පැන් පෙරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද
පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට
ගත් සැකකරු එම වතුයායේම පදිංචි අවුරුදු 69ක් වයසැකි අයෙකු බවත්, එම සැකකරු පොලිස්
අප මත මුදහැර ඔහුට එරෙහිව හැටන් මසේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා
බවයි මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පකුමර මහතා කියා
සිටියේ.

– රංජිත් රාජපක්ෂ                

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here