පොලිසිය විසින් අත්අඩංගුවට ගත ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සහ හිටපු කතානායක අශෝක රන්වල මහතාට රුපියල් ලක්ෂ 2 ක මුදල් ඇපයක් මත මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් මුදා හැර ඇත.
ඊයේ දින සපුගස්කන්ද ප්රදේශයේදී සිදුවූ රිය අනතුර මත ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත් විය.
ඔහු පැදවු ජීප්රථය කාන්තාවක් පැදවු මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී අනතුරක් වීමෙන් තිදෙනෙකු රෝහල් ගතව සිටී.
මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නා ලද්දේ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, අනතුරක් වළක්වා නොගැනීම මතයි.