පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
පොලිස් වාර්තා ලබා ගැනීමට අදාළ අයදුම්කරුගේ පදිංචිය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය වන ග්‍රාම නිලධාරී සහතිකයට අමතරව ග්‍රාම නිලධාරී වසමේ සිවිල් ආරක්ෂක කමිටු ( මහජන ආරක්ෂණ කමිටු ) සභාපතිවරයා විසින් නිකුත් කල චරිත සහතිකයක් ලබාගත යුතු බවට පොලිසිය විසින් දැනුම් දී ඇතැයි ග්‍රාම නිලධාරි පවසන බවට පුවතක් මාධ්‍ය මඟින් පලවන බව නිරීක්ෂණය වී ඇත.
එසේ සංසරණය වන පුවත සත්‍යයෙන් තොර පුවතක් වන අතර පොලිස් වාර්තා ලබා ගැනීමේ නිවැරදි ක්‍රම වේදය නම්,
දේශීය රැකියා හා මැදපෙරදිග රටවල් සඳහා යාමට අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා ගැනීමේ ක්‍රමවේදය නම්, ඒ සඳහා අදාළ පුද්ගලයාගේ ඉල්ලීම් ලිපිය, ග්‍රාම නිලධාරි සහතිකය හා ජාතික හැඳුනුම්පත යන ලේඛණ තම ලිපිනයට අයත් පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ පොලිස් ස්ථානය මඟින් ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශන කටයුතු සිදු කිරීමෙන් පසු කඩිනමින් අදාළ වාතාව ලබා දීමයි.
තවද, මැද පෙරදිග නොවන වෙනත් රටවල් වෙත රැකියා, අධ්‍යාපන කටයුතු හා පදිංචිය සඳහා විදෙස් ගත වීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කර පොලිස් වෙබ් අඩවියේ සඳහන්ව ඇති ලේඛණ වල පිටපත් උඩුගත (UPLOAD) කිරීමෙන් පසු නිසි විමර්ශන කටයුතු වලින් අනතුරුව පොලිස් නිෂ්කාශන වාතාව නිකුත් කෙරුණු ඇත.
ඒ අනුව, යම් තැනැත්තෙකු වෙත පොලිස් නිෂ්කාශන වාර්තාවක් නිකුත් කිරීම සඳහා පොලිස් වසමට අදාළ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයා මඟින් නිකුත් කරනු ලබන චරිතසහතිකයක් නොකැඳවනු ලබන අතර එම පළ වූ පුවත සත්‍යයෙන් තොර මහජනතාව නොමග යවන සුළු පුවතක් බවට අවධාරණය කරමි.
තවද, සත්‍යයෙන් තොර මහජනතාව නොමග යවන සුළු මෙවැනි පුවත් පල කිරීම පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය









