Home Local News Room : හිටපු ඇමතිලා 42කට නඩු.. ලයිස්තුව මෙන්න…

News Room : හිටපු ඇමතිලා 42කට නඩු.. ලයිස්තුව මෙන්න…

0
0

ඉෂාර රත්නකාර

අරගල සමයේදී සිය නිවාස ඇතුළු දේපොළවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීමේ සිද්ධීන්වලට අදාළව දූෂිත අයුරින් රුපියල් කෝටි 100 කට අධික වන්දි මුදල් ලබා ගත්තැයි හිටපු මැති ඇමැතිවරුන් 42 කට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි.

රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සහ පොදු දේපොළ පනත යටතේ එම හිටපු මැති ඇමැතිවරුන් පිරිසට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් අල්ලස් කොමිසම වෙත යොමුකර තිබූ පැමිණිලි අනුව අදාළ විමර්ශනයක් කිරීමට නියමිත බවද අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

ඉකුත් පාලන සමයේ හිටපු මැති ඇමැතිවරුන් වන නිමල් ලංසා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ, මිලාන් ජයතිලක, ප්‍රසන්න රණවීර, දුමින්ද දිසානායක, කනක හේරත්, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි රහීම්, කෝකිලා ගුණවර්ධන, සිරිපාල ගම්ලත්, එස්. එම්. චන්ද්‍රසේන, සුමිත් උඩුකුඹුර, මොහාන් පී. ද සිල්වා, ඩබ්ලිව්. ඩී. වීරසිංහ, ඩී. බී. හේරත්, වෛද්‍ය රමේෂ් පතිරණ, විමලවීර දිසානායක, ගීතා කුමාරසිංහ, සම්පත් අතුකෝරල, ජයන්ත කැටගොඩ, විමල් වීරවංශ, කපිල නුවන් අතුකෝරළ, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සහන් ප්‍රදීප්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිත අබේගුණවර්ධන, අශෝක ප්‍රියන්ත, චන්දිම වීරක්කොඩි, අකිල එල්ලාවල, මහාචාර්ය චන්න ජයසුමන, පියංකර ජයරත්න, ජනක තිස්සකුට්ටිආරච්චි, සමන්ප්‍රිය හේරත්, ශෙහාන් සේමසිංහ, ප්‍රේමනාත් සී. දොලවත්ත, ගුණපාල රත්නසේකර, කෙහෙළිය රඹුක්වැල්ල, ශාන්ත බණ්ඩාර සහ දැනට මියගොස් සිටින ගාමිණී ලොකුගේ සහ සනත් නිශාන්ත යන 42 දෙනා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් සකස් කරන ලද විමර්ශන ගොනු අල්ලස් කොමිසමේ නීති අංශය වෙත යොමුකර ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ විමර්ශන ගොනු පිළිබඳ විධිමත් විමර්ශනයක් කර, ඊට අදාළව අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

–  අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here