Home Local News Room : වාහන අලෙවිය සැරටම බහී..

News Room : වාහන අලෙවිය සැරටම බහී..

0
0

 

භානුක අමරසිංහ

පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2 ක අඩුවීමක් ලෙස සටහන්ව තිබේ.

මෝටර් රථ ලියාපදිංචිය සම්බන්ධයෙන් CAL Research ආයතනය සකස් කළ වාර්තාවක මේ පිළිබඳව සටහන්ව තිබේ. ඔක්තෝබර් මාසයට අදාළව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ගින් නිකුත් කළ දත්ත අනුව මෙම වාර්තාව සකස් කර තිබේ. කෙසේ වෙතත් මෙම අගයන් 2018 වසරේ පැවැති මට්ටමට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එම ආයතනය සඳහන් කරයි.

මෙහිදී ඔක්තෝබර් මාසයේ වැඩීම ලියාපදිංචියක් සිදු කෙරුණු කාණ්ඩය යතුරු පැදි ලෙස සටහන්ව තිබේ. එය සමස්තමෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 69 කි. එසේම වසරේ මේ දක්වා සිදු කෙරුණු සමස්ත මෝටර් රථ ලියාපදිංචියෙන් සියයට 72 ක් යතුරු පැදි වෙයි. ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි සංඛ්‍යාව 32,768ක් වන අතර එය සැප්තැම්බරයේ ලියාපදිංචි කෙරුණු යතුරු පැදි 32,626 ට සාපේක්ෂව සියයට 0.4ක අඩුවීමකි.

ඔක්තෝබරයේ ලියාපදිංචි කෙරි ඇති මෝටර් කාර් රථ සංඛ්‍යාව 9.205 ක් වන අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් කාර් සංඛ්‍යාව වූ 10,146 සාපේක්ෂව සියයට 90 අඩු වීමකි.

එසේම ඔක්තෝබරයේදී ත්‍රිරෝද රථ 2,541ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ත්‍රිරෝද රථ 3,015 ට සාපේක්ෂව සියයට 167 අඩුවීමකි.

මේ අතර ඔක්තෝබර් මාසයේදී ලොරි සහ බස් රථ ලියාපදිංචිය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි CAL Research ආයතනය පවසයි.

ඒ අනුව ඔක්තෝබරයේදී ලොරි රථ 1,068ක් ලියාපදිංචි කෙරී ඇති අතර, එය සැප්තැම්බරයේදී ලියාපදිංචි කෙරුණු ලොරි රථ 994 ට සාපේක්ෂව සියයට 7 ක වර්ධනයකි. එසේම ඔක්තෝබරයේදී බස් රථ 131 ක් ලියාපදිංචි කර ඇති අතර, එය සැප්තැම්බරයට සාපේක්ෂව සියයට 3ක වර්ධනයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here