Home Local News Room : ගොවින්ගේ අල ලූණු ප‍්‍රශ්ණය ලබන අවුරුද්දේ විසදනවා..

News Room : ගොවින්ගේ අල ලූණු ප‍්‍රශ්ණය ලබන අවුරුද්දේ විසදනවා..

1
0

 

දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද අර්තාපල් සහ ලූනු 2026 වර්ෂයේ සිට  සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින් මිලදී ගැනීමේ සැලැස්මක් ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලේය.

මේ වෙනුවෙන්, වත්මන් අයවැය තුළින් රුපියල් කෝටි 10 (මිලියන 1000) ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

රජය අපේක්ෂා කරන්නේ දේශීයව වගා කරන ලද අර්තාපල් සහ ලූනුවලින් අවම වශයෙන් 20% ක ප්‍රමාණයක් හෝ වෙළෙඳපොළින් මිලදී ගැනීමටයි.

මෙම ක්‍රියාවලිය කෘෂිකර්ම සහ වෙළෙඳ අමාත්‍යාංශවල මැදිහත්වීමෙන් සිදු කෙරෙන අතර, වෙන් කරන ලද අයවැය මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන්නේ නම්, ඒ සඳහා තවදුරටත් අරමුදල් සැපයීමට රජය සූදානම් බවද අමාත්‍ය සමරසිංහ මහතා අයවැය විවාදයට එක්වෙමින් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here