හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද එප්පාවල කට්ටියාව ප්‍රදේශයේ විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජන බලවේග පෑලියගොඩ නාගරික මන්ත්‍රිනී දිස්නා නෙරන්ජලා විසින් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ප්‍රකාශයක් ලබාදී තිබේ.
ඒ සඳහා ඇය ඊයේ දිනයේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටියාය.
අදාළ ප්රකාශයේදී ඇය සඳහන් කර ඇත්තේ තමන් මෙම ජාවාරම සම්බන්ධයෙන් දැනුවත්ව සිටියේ නැති බවය.
ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඇය පොලිසියෙන් පිටත් වූ ඇත.
පෙරේදා දිනයේද ඇය ඒ හමුවට කැඳවා ඇතත් ඇය පොලිසිය හමුවේ එදින පෙනී සිටියේ නැත.
සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත පවරා තිබේ.









