Home Local News Room : නොකා නොබී ඉතුරු කරද්දී ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන් පාඩුවෙලා..

News Room : නොකා නොබී ඉතුරු කරද්දී ලංවිම, සිපෙට්කෝ, ශ‍්‍රී ලන්කන් පාඩුවෙලා..

0
0

 

විදුලි බල මණ්ඩ­ලය පාඩු ලබන්න විදුලි පාරි­භෝ­ගි­ක­යන් විදුලි බිල නොගෙවා සිටියේ නැහැ. ඒ වගේම ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව පාඩු ලබන්න රටේ ජන­තාව ණයට ඉන්ධන ලබා­ගෙ­නත් නැහැ යැයි හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තුෂාර ඉඳු­නිල් මහතා පැව­සීය.

මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී තුෂාර ඉඳු­නිල් මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩි­දු­ර­ටත් ඒ මහතා මෙසේ ද පැවැ­සීය.

‘‘පසු­ගිය වසරේ ලාභ ලැබූ විදුලි බල මණ්ඩ­ලය ආණ්ඩුවේ පාල­නය යටතේ මාස 6ක් ඇතු­ළත රුපි­යල් කෝටි 1300ක පාඩු ලබා තිබෙ­නවා. ඒ වගේම ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­වත් මේ වස­රේදී පාඩු ලබා තිබෙ­නවා. විදුලි බල මණ්ඩ­ලය පාඩු ලබන්න රටේ විදුලි පාරි­භෝ­ගි­ක­යන් විදුලි බිල නොගෙවා සිටි­යෙත් නැහැ. ඒ වගේම ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව පාඩු ලබන්න රටේ ජන­තාව ණයට ඉන්ධන ලබා­ගෙ­නත් නැහැ. නමුත් විදුලි බල මණ්ඩ­ලය සහ ඛනිජ තෙල් නීති­ගත සංස්ථාව දැවැන්ත පාඩු­වක් ලබා තිබෙ­නවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමා­ගම පසු­ගිය වස­රේදී රුපි­යල් බිලි­යන 3.5ක් ලාභ ලැබුවත් මේ වස­රේදී රුපි­යල් බිලි­යන 7.5ක් අලා­භ­යක් ලබා තිබෙ­නවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමා­ගම ගොඩ­ගැ­නී­මට වර්ත­මාන රජය විසින් රුපි­යල් බිලි­යන 20ක් ලබා දී තිබෙ­නවා. රටේ ජන­තාව පීඩා­වට පත් කර අය කර ගන්නා බදු මුද­ල්ව­ලින් තමයි ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් සමා­ග­මට බිලි­යන 20ක් ලබා දී තිබෙන්නේ. එවැනි තත්ත්ව­යක් තුළ තමයි ශ්‍රී ලංකා ගුවන් සමා­ගම පාඩු ලබන්නේ. ඒ වගේම පැල්වත්ත සීනි කර්මා­න්ත­ශා­ලා­වත් දැවැන්ත පාඩු­වක් ලබා ඇති බව වාර්තා වෙනවා. 2024 අව­සාන කාර්තුවේ සිට 2025 ජුනි දක්වා රජයේ ණය බර­තාව රුපි­යල් බිලි­යන 896 කින් ඉහළ ගොස් තිබෙ­නවා. මේ වසර ආර­ම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ, ශ්‍රී ලංකා රජයේ සමස්ත ණය ප්‍රමා­ණය ජුනි මස අව­සා­නය වන විට රු. බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගිහින්. නමුත් ණය ලබා ගෙන ආණ්ඩු­වක් කරන්න රජ­යක් අවශ්‍ය නැති බව අනුර දිසා­නා­යක මහතා විප­ක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා.”

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here