Home World News Room : කටාර් රාජ්‍යයෙන් තෑගි කරන ගුවන්යානය ඩොනල්ඩ් ට්‍රම්ප් භාර ගනී

News Room : කටාර් රාජ්‍යයෙන් තෑගි කරන ගුවන්යානය ඩොනල්ඩ් ට්‍රම්ප් භාර ගනී

0
0

‘එයාර් ෆෝස් වන්‘ සංකේතයෙන් හඳුන්වනු ලබන අමෙරිකානු ජනාධිපතිවරුන්ගේ නිල ගුවන්යානය ලෙස කටාර් රාජ්‍යයෙන් ලැබීමට නියමිත අතිසුඛෝපභෝගී ජෙට් යානය භාර ගැනීමට ධවල මන්දිරය තීරණය කිරීමේ කිසිදු වරදක් නැතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා මේ අදහස් පළ කර ඇත්තේ එම ගුවන්යානය අමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන්යානය ලෙස භාවිත කිරිමේ නීතිමය තත්ත්වය සම්බන්ධව වාර්තාකරුවන් ප්‍රශ්න කළ අවස්ථාවේදී බව වාර්තා වේ.

සිය මැදපෙරදිග සංචාරය ආරම්භ කිරීමට පෙර ධවල මන්දිරයේදී වාර්තාකරුවන් ඇමතු ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ කටාර් රජ පවුල විසින් පරිත්‍යාග කිරීමට නියමිත ඩොලර් මිලියන 400ක් පමණ වටිනා බව කියන සුපිරි ජෙට් යානය අමෙරිකාවට ලැබෙන ත්‍යාගයක් බවය. එම ත්‍යාගය භාර නොගැනීම අනුවණ ක්‍රියාවක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

අමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව නිලවරණයකින් පත්වන පුද්ගලයකුට කිසිදු ත්‍යාගයක් භාර ගැනීමට නොහැකි බව එම ත්‍යාගය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් කැලිෆෝනියාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රී ආදම් ෂිෆ් සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here