Home Politics News Room : ආණ්ඩුවේ ඡන්ද ප්‍රති­ශ­තය අඩු වෙලා

News Room : ආණ්ඩුවේ ඡන්ද ප්‍රති­ශ­තය අඩු වෙලා

0
0

මැති­ව­රණ ප්‍රති­ඵල දෙස බැලූ විට ආණ්ඩුවේ ඡන්ද ප්‍රති­ශ­තය පහත වැටී තිබෙන බව සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බල­වේ­ගය ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් සමගි ජන බල­වේ­ගයේ මහ­ලේ­කම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳ­හන් කළේය.

“මේ වන­විට ආණ්ඩුව පිහි­ටු­වලා මාස 5කට වැඩි කාල­යක් ගෙවි ගොස් තිබෙ­නවා. ආණ්ඩුව සම්බ­න්ධ­යෙන් ජන­තා­වගේ මතය පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ප්‍රකාශ කරන්න ජන­තාව කට­යුතු කර තිබෙ­නවා. ආණ්ඩුව පත් වෙලා මාස 5කට පමණ පසුව පැවැත් වූ පළාත් පාලන මැති­ව­ර­ණ­යෙන් ජන­තාව රජය ප්‍රති­ක්ෂේප කර තිබෙන තත්ත්ව­යක් දකින්න ලැබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් සහ මහ­මැ­ති­ව­ර­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කළ පක්ෂ පළාත් පාලන ආය­ත­නත් විශිෂ්ට ලෙස ජය­ග්‍ර­හ­ණය කර තිබෙ­නවා. නිකුත් වී තිබෙන මැති­ව­රණ ප්‍රති­ඵල දෙස බැලූ විට ආණ්ඩුවේ ඡන්ද ප්‍රති­ශ­තය පහත වැටී තිබෙ­නවා. ඒ වගේම මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගය 68 ලක්ෂ­යක ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා­ගෙන තිබෙ­නවා.

නමුත් පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ශීඝ්‍ර ලෙස පහත බැස තිබෙ­නවා. මහ­මැ­ති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගය සිය­යට 62ක් ඡන්ද ලබා­ගෙන තිබෙ­නවා. නමුත් පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ජාතික ජන බල­වේ­ගයේ ඡන්ද ප්‍රති­ශ­තය සිය­යට 43 බැස තිබෙ­නවා‍. ඒ වගේම සමගි ජන බල­වේ­ගය මහ­මැ­ති­ව­ර­ණ­යේදී සිය­යට 18ක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගෙන තිබුණා. පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී සිය­යට 22කට වැඩි ප්‍රමා­ණ­යක ඡන්ද ප්‍රති­ශ­ත­යක් ලබා­ගන්න සමගි ජන බල­වේ­ග­යට හැකි­යාව ලැබී තිබෙ­නවා. ඒ වගේම විප­ක්ෂය නියෝ­ජ­නය කරන අනෙ­කුත් පක්ෂත් ඔවුන්ගේ ඡන්ද ප්‍රති­ශ­තය වැඩි කර­ගෙන තිබෙ­නවා. කෙසේ නමුත් ආණ්ඩුවේ ඡන්ද ප්‍රති­ශ­තය අඩු වී තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී මෙන්ම සුළු­ත­ර­යක් තමයි ජාතික ජන බල­වේ­ග­යට ඡන්දය ලබාදී තිබෙන්නේ. මහ­මැ­ති­ව­ර­ණ­යේදී ආණ්ඩු­වට ලැබුණු ජන වරම මෙහිදී අහෝසි වී තිබෙ­නවා. ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙළ ජන­තාව ප්‍රති­ක්ෂේප කර තිබෙ­නවා. එය විප­ක්ෂය ලැබූ විශාල ජය­ග්‍ර­හ­ණ­යක්. මාස 5ක් තුළ ජන­තා­වට ආණ්ඩුවේ වැඩ­පි­ළි­වෙළ පිළි­බ­ඳව කළ­කි­රී­මට ලක්වී තිබෙ­නවා.

ඒ වගේම මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ සමගි ජන බල­වේග ඡන්ද ප්‍රමා­ණය වැඩි වී තිබෙ­නවා. සිය­යට 22 සිට සිය­යට 28 දක්වා වැඩි වී තිබෙ­නවා. ඒ වගේම ජාතික ජන බල­වේ­ගයේ මොන­රා­ගල සිය­යට 64 ඡන්ද ප්‍රති­ශ­තය සිය­යට 45 අඩු වී තිබෙ­නවා.ලංකාවේ දිස්ත්‍රික්ක ගණ­නා­වක මේ තත්ත්වය දකින්න ලැබෙ­නවා. ඒ වගේම අව­සාන මැති­ව­ර­ණ­යට වඩා විපක්ෂ කණ්ඩා­යමේ ඡන්ද ප්‍රති­ශ­තය වැඩි වී තිබෙ­නවා. ඒ වගේම ඉදි­රි­යේදී පළාත් පාලන ආය­ත­න­වල බලය පිහි­ටු­වී­මේදී විප­ක්ෂයේ තිබෙන එක­තු­මු­තු­භා­වය ආණ්ඩු­වට පෙන්වන්න කට­යුතු කර­නවා. ඒ වගේම පළාත් පාලන ආය­තන විශාල ප්‍රමා­ණ­යක ආණ්ඩු­වට බහු­තර ජන­ම­ත­යක් නෑ. ජන­තා­වගේ ජන­ම­ත­යට අග­යක් ලබා­දෙ­මින් විප­ක්ෂයේ කණ්ඩා­යම් සියල්ල එකතු වෙලා පළාත් පාලන ආය­තන විශාල ප්‍රමා­ණ­යක බලය පිහි­ටු­වන්න කට­යුතු කර­නවා.

ඒ වගේම ජාතික ජන බල­වේ­ග­යට කොළඹ නගර සභාවේ මන්ත්‍රී ධුර හිමි­කර ගැනී­මට හැකිවී තිබෙන්නේ 48යි. නමුත් විප­ක්ෂ­යට සිය­යට 60ක ආසන්න ඡන්ද ප්‍රති­ශ­යක් ලැබි තිබෙ­නවා. ඒ අනුව විප­ක්ෂය ඒකා­බද්ධ වී සමගි ජන බල­වේ­ග­යෙන් නග­රා­ධි­ප­ති­ව­ර­යෙක් පත් කරන්න කට­යුතු කර­නවා. ජාතික ජන බල­වේ­ග­යට විරු­ද්ධව කට­යුතු කළ සියලු පිරිස් ඒක­රාශි කර­ගන්න කට­යුතු වෙනවා. විප­ක්ෂයේ පක්ෂ සමඟ සාකච්ඡා කරන්න මෙය හොඳ අව­ස්ථා­වක් බවට පත් වී තිබෙ­නවා.ඒ වගේම ඕනෑම අභි­යෝ­ග­ය­කට මුහුණ දෙන්නත් සමගි ජන බල­වේ­ගය සූදා­නම්.කෙසේ නමුත් ජාතික ජන බල­වේ­ගය ඉදි­රි­පත් කළ අපේ­ක්ෂ­ය­න්ගෙන් පිරි­සක් ප්‍රති­ක්ෂේප කරන්න ජන­තාව කට­යුතු කර තිබෙ­නවා.

මැති­ව­රණ දෙකක් දිනු­වාට පස්සේ ආණ්ඩුවේ ඡන්ද ප්‍රමා­ණය වැඩි විය යුතුයි. නමුත් ජාතික ජන බල­වේග ආණ්ඩුව ප්‍රති­ක්ෂේප කරන්න ජන­තාව කට­යුතු කර තිබෙ­නවා. ඒ අනුව විප­ක්ෂයේ ඡන්ද ප්‍රති­ශ­තය වැඩි වෙලා තිබෙ­නවා. මාස 5ක කාල­යක් තුළ ආණ්ඩුවේ කඩා වැටීම මේ ආකා­ර­යට සිදු­වුණා නම් වස­රක් යන්න පෙර ආණ්ඩුවේ තත්ත්වය නරක අතට හැරෙන්න ඉඩ තිබෙ­නවා. ඒ අනුව පළාත් සභා මැති­ව­ර­ණ­යත් ඉක්ම­නින්ම පව­ත්වන්න කියා අපි ආණ්ඩු­වෙන් ඉල්ලා සිටි­නවා. ඒ වගේම පළාත් සභා මැති­ව­ර­ණ­යේදී ආණ්ඩුවේ ඡන්ද ප්‍රති­ශ­තය තවත් අඩු කරන්න සමගි ජන බල­වේ­ගය කට­යුතු කර­නවා යැයිද පැව­සීය.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here