15
දහතුන්වැනි ආරක්ෂක සේවා රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව නාවික හමුදාව සතු විය.
රත්මලාන ගුවන් හමුදා ක්රීඩාංගණයේ පැවති පිරිමි අවසන් තරගයේදී යුද හමුදාව කණ්ඩායම විසින් නාවික හමුදා පිල ලකුණු 29-24ක් ලෙස පරාජය කිරීමට සමත් වූ අතර, නාවික හමුදා ක්රීඩිකාවෝ රත්මලානේදී යුද හමුදා කාන්තා පිල ලකුණු 12-05ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
සත් සාමාජික ලෙස පැවති කාන්තා තරගාවලියේදී පළමු තරගයේදී නාවික හමුදා පිල පනාගොඩ යුද හමුදා ක්රීඩාංගණයේදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 24-05ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්ව තිබිණි.
ශ්රී ලංකා යුද හමුදා රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් යුද හමුදා රග්බි කමිටුව විසින් මේ තරගාවලිය සංවිධාන කර තිබිණි.