Home Sport News Room : ශ්‍රී ලාංකික යොවුන් මේස පන්දු ක්‍රීඩකයෝ පදක්කම් 10 ක්...

News Room : ශ්‍රී ලාංකික යොවුන් මේස පන්දු ක්‍රීඩකයෝ පදක්කම් 10 ක් රැගෙන කටුනායකට

1
0

  2025- දකුණු ආසියානු කනිෂ්ඨ යොවුන්  මේස පන්දු තරගාවලියට ( South Asian Youth Table Tennis Championship – 2025 ) ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් , රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් දිනා ගෙන , සමස්ථ තරගාවලියේ දෙවන ස්ථානය ද හිමි කර ගෙන , 04/29 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය දකුණු ආසියානු කළාපයේ රටවල් 06 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 කගේ සහභාගීත්වයෙන් ඉකුත් 04/24 දින සිට 04/27 දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවර පවත්වා තිබුණි .

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් පිරිස 04/29 දින රාත්‍රී 10.20 ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 ඔවුන් මෙම ජයග්‍රහණයත් සමග එළඹෙන ජුනි මාසයේ උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ යොවුන් මේස පන්දු තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ .

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි මේස පන්දු ක්‍රීඩකයින් පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මේස පන්දු ෆෙඩරේෂනයේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩකයින්ගේ පවුල් වල සාමාජිකයින් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here