Home Politics News Room : රටේ ආරක්ෂාව ඉතාම පහත් තැනකට වැටිලා

News Room : රටේ ආරක්ෂාව ඉතාම පහත් තැනකට වැටිලා

0
0

රටේ ජාතික ආරක්ෂාව මේ වනවිට ඉතාම පහත් තැනකට වැටී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“සාමාන්‍ය පුරවැසියකුට ජීවත්වීමට තිබෙන අයිතිය නැතිවෙන තත්ත්වයකට අද මේ රට පත්කර තිබෙනවා. ඩෑන් ප්‍රියසාද් මහතා කියන්නේ මෙවර පළාත් පාලන ඡන්දයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත්වූ අපේක්ෂකයෙක්. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් වීමට පෙර ඩෑන් ප්‍රියසාද් මහතා සමාජ දූෂණයට එරෙහිව රට, ජාතිය වෙනුවෙන් පෙනී හිටපු සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ජනප්‍රියවී සිටියා. ඔහුගේ ඝාතනය ඉතාම සැකසහිත ඝාතනයක් බවට පත්වෙනවා. ඒ සැකසහිත වීමට කාරණා තුනක් අපි දකිනවා. එනම් ඩෑන් ප්‍රියසාද් මහතා දෙවරක් ඝාතනය කරනවා. එතුමා මියයන්න කලින්ම එතුමා මියගිය බවට ප්‍රකාශයක් නිකුත් කරනවා. එය එතුමාගේ මියයෑම බලාපොරොත්තුවෙන් සිටියා වගේ. ඒ සිදුවීම සැකසහිතයි. ඒ වගේම ඩෑන් ප්‍රියසාද් මහතා මියයෑමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණට දිගින් දිගටම සහයෝගය දක්වපු සමාජ මාධ්‍ය තුළින් පෙර සූදානමක් තිබූ ආකාරයට ඩෑන් ප්‍රියසාද් මහතාගේ චරිතය ඝාතනය කිරීමට ඉතාම බොළඳ උත්සාහයක් දරනවා. ඒ වගේම පළාත් පාලන ඡන්ද විමසීමට දින කිහිපයක් තිබියදී ප්‍රධාන විරුද්ධ පක්ෂයක අපේක්ෂකයකුගේ මියයෑම සම්බන්ධයෙන් මේ වනතෙක් ආණ්ඩුව කිසිම වචනයක් ප්‍රකාශ නොකිරීම. මේ කාරණ තුනම ගත්තාම මේ මරණය ඉතාම සැකසහිත මරණයක් බව අපට පේනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here