Home Sport News Room : විද්‍යාර්ථ මාර්ග ධාවන ජය විදුර්ෂන්ට

News Room : විද්‍යාර්ථ මාර්ග ධාවන ජය විදුර්ෂන්ට

2
0

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා එහි ආදී මලල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කළ Vidyartha Road Race 2025 මධ්‍යම පළාත් අන්තර් පාසල් මාර්ග ධාවන තරගයේ ඒකල ජය හිමිකර ගැනීමට දිගන රජවැල්ල හින්දු විදුහලේ ආර්. විදුර්ෂන් සමත් විය.

කිලෝමීටර් 10කින් සමන්විත මේ මාර්ග ධාවන තරගයේ දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහලේ ශෙරෝන් ප්‍රනාන්දු සහ මාතලේ සාන්ත තෝමස් විදුහලේ ඒ.කේ.පී. ප්‍රකාශන දිනා ගත්හ.

තරගයේ කණ්ඩායම් අංශයේ ශූරතාව රජවැල්ල හින්දු විදුහලට හිමිවූ අතර, අනුශූරතාව පාතදුම්බර මහා විදුහලත්, තෙවැනි ස්ථානය පිළිමතලාව මධ්‍ය මහා විදුහලත් දිනා ගනු ලැබීය.

දෙවැනි වරට සංවිධාන කළ මේ තරගයේ ජයසංකේත ප්‍රදානය විද්‍යාර්ථ විදුහල් පරිශ්‍රයේදී මහනුවර දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ සභාපති රුවන් තිලකරත්න, විද්‍යාර්ථ විද්‍යාලීය විදුහල්පති එම්.අර්.පී. මායාදුන්නේ, විද්‍යාර්ථ ආදි මලල ක්‍රීඩා සංගමයේ සභාපති රසික රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මධ්‍යම පළාතේ පාසල් 16ක ක්‍රීඩකයන් 110 දෙනකු මේ තරගයට එක්ව සිටියහ.

අසේල කුරුළුවංශ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here