16
තායිලන්තයේ පැවති 2025 – ලෝක සම්භාහන තරගාවලියට (Universal Massage Championship – 2025) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රනීත් ලසන්ත එම තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පළමු වරට සම්භාහන ක්ෂේත්‍රයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර ඔහු ඊයේ (02) රාත්‍රී එය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ලෝක සම්භාහන ෆෙඩරේෂනය( World Massage Federation ) මගින් සංවිධානය කළ මෙම තරගාවලිය , තායිලන්තයේ චියන් රායි ( Chiang Rai ) නුවර ඉකුත් 02/26 දින සිට 02/28 දින දක්වා ලෝකයේ රටවල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකුගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි .
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පළමු වරට මෙම තරගාවලියට සහභාගී වූ ප්‍රනීත් ලසන්ත එහි ස්පා ඇන්ඩ් වෙල්නස්( Spa and Wellness ) ඉසව්වෙන් අනුශූරතාවය දිනා ගනිමින් , ශ්‍රී ලංකාවට පළමු වරට , ලෝක සම්භාහන තරගාවලියක දී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .