Home World News Room : මැයි මාසයේදී ‘ස්කයිප්’ නවතී

News Room : මැයි මාසයේදී ‘ස්කයිප්’ නවතී

0
0

දශක දෙකකට ආසන්න කාලයක් ලෝක සන්නිවේදන ජාලා අතර ආධිපත්‍යය පතුරුවාලූ ස්කයිප් දුරකතන හා වීඩියෝ මෘදුකංගය ලබන මැයි මාසයේ සිට වසා දැමීමට තීරණය කළ බව මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබේ. එක්ස් සමාජ මාධ්‍යයේ නිවේදනයක් නිකුත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම එම තීරණය දැනුම් දී තිබේ. ලොව පුරා ජනතාවට සිය පරිගණකය මඟින් විදෙස් රටවල සිටින ඥාතීන් සහ පවුලේ සාමාජිකයන් වීඩියෝ ඇමතුම් මඟින් සම්බන්ධවීමට අවස්ථාව උදා කරමින් ලොව ඉහළම ජනප්‍රියත්වයට පත්වූ ස්කයිප් වෙබ් අඩවිය මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මීට වසර 14කට පෙර මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක මුදලකට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 2003 දී ලොවට හඳුන්වා දුන් ස්කයිප් මයික්‍රොසොෆ්ට් සමාගමට හිමිවීමට පෙර තවත් සමාගම් කිහිපයක් විසින් හිමිකාරීත්වය දරනු ලැබීය.

The post මැයි මාසයේදී ‘ස්කයිප්’ නවතී appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here