16
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පළමු අදියරේ සටන් විරාමය පෙරේදා නිමාවට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ජනවාරි මස 19 වැනිදා ආරම්භ වූ සටන් විරාමයේ පළමු අදියර සති 6කින් සමන්විත වූ අතර, දින 42ක එම කාලය ඇතුළත ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40කට ආසන්න පිරිසක් මුදා හැරීමට හමාස් සංවිධානය පියවර ගත් බවත්, ඊශ්‍රායලයේ සිරගතවී සිටි පලස්තීනුවන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
පළමු අදියර නිමාවට පත්වීමත් සමඟ ඊශ්‍රායල හමුදාව නැවත ගාසා තීරයට ආධාර සපයනු ලබන මාර්ග සියල්ල වසා දමා ඇති අතර, සෙසු ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සහ ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව ඉවත් කිරීමට අදාළ සටන් විරාමයේ දෙවැනි අදියර සඳහා වන සාකච්ඡා පසුගියදා ඊජිප්තුවේ කයිරෝ නුවරදී ආරම්භ වී ඇතැයි ද වාර්තා වේ.