Home Sport News Room : ජාතික බේස්බෝල් පිලේ සමීර සහ සංදීෂ එමීර් රාජ්‍යයේ ලීග්...

News Room : ජාතික බේස්බෝල් පිලේ සමීර සහ සංදීෂ එමීර් රාජ්‍යයේ ලීග් තරගාවලියට

2
0

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන බේස්බෝල් යුනයිටඩ් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් කණ්ඩායමේ සමීර රත්නායක සහ සංදීෂ මීගොඩට අවස්ථාව ලැබී තිබේ. මෙරට බේස්බෝල් තරග බිමේ කැපීපෙනෙන ක්‍රීඩකයන් වන සමීර සහ සංදීෂ සමඟ එම තරගාවලියේ නිලධාරියකු ලෙස කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ලේකම් වින්ග් කමාන්ඩර් මාක් ෆොන්සේකා මහතා ද මේ සංචාරයට එක්වී සිටින අතර, පසුගියදා ඔවුන් එමීර් රාජ්‍ය බලා පිටත්ව ගියහ. එම තරගාවලිය මේ මස 14 වැනිදා ආරම්භ වන අතර, 18 වැනිදා දක්වා පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here