Home Local News Room : ඒවා වලංගු මුද්දර නොවේ.. බුකිය කැළඹූ හරිනි-විජිත මුද්දර ගැන...

News Room : ඒවා වලංගු මුද්දර නොවේ.. බුකිය කැළඹූ හරිනි-විජිත මුද්දර ගැන තැපැල්පතිගෙන් නිවේදනයක්..

2
0

150 වැනි ලෝක තැපැල් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන්ගේ රුව සහිත තැපැල් මුද්දර සම්බන්ධයෙන් පල වන වාර්තා සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව කරුණු පැහැදිලි කරයි.

ඔවුන්ගේ රුව සහිත මුද්දර නිකුත් කර නොමැති බවත් අදාල උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ඔවුන් වෙත පිරිනැමුණේ රුව සහිත මුද්දර ඇතුත් සමරු තිළිණ දෙකක් පමණක් බවත් දෙපාර්තමේන්තුව පවසයි.

මේවා සමරු මුද්දර කාණ්ඩයට අයත් වන අතර ඒවා සිහිවටන පමණක් බවත් නිල තැපැල් මුද්දර නොවන අතර තැපැල් කටයුතු සඳහා භාවිත නොකරන බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඕනෑම අයෙකුට තමන් කැමති පින්තූර භාවිතා කරමින් පුද්ගලාරෝපිත මුද්දර නිර්මාණය කළ හැකි නමුත් ඒවා නිල තැපැල් සේවාවන් සදහා භාවිත කල නොහැකි බවත් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here