Home World News Room : දකුණු චීනයේ ජීවිත 4ක් බිලි ගත් යාගී සුළි කුණාටුව

News Room : දකුණු චීනයේ ජීවිත 4ක් බිලි ගත් යාගී සුළි කුණාටුව

0
0

දකුණු චීනයේ හයිනෑං ප්‍රාන්තයේ පුද්ගලයන් සිව්දෙනකුට මරු කැඳවමින්ද, තවත් පුද්ගලයන් 95 දෙනකුට තුවාල සිදු කරමින් ද හමා ගිය යාගී සුළි කුණාටුව වියට්නාමයට කඩා වැදී පුද්ගලයන් 14 දෙනකු බිලිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගෝලීය කාලගුණ විද්‍යාඥයන් විසින් මේ වසරේ ලොව දරුණුතම දෙවැනි සුළි කුණාටුව ලෙස වර්ගීකරණය කරනු ලැබූ යාගී සුළි කුණාටුව පැයට කිලෝමීටර් 230ක වේගයෙන් හමා ගිය බවත්, එවැනි සුළි කුණාටුවක් හයිනෑං ප්‍රාන්තයට කඩා වැදී ඇත්තේ වසර 10කට පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

චීනයේ හයිනෑං, ගුවැන්ඩොං සහ ගුවැන්ෂී ප්‍රාන්තවල ලක්ෂ 10කට වැඩි පුද්ගලයන් පිරිසක් අවතැන් කළ යාගී සුළි කුණාටුව වියට්නාමයේ හැනෝයි ප්‍රාන්තයට ඇතුළු වී ඇත්තේ පැයට කිලෝමීටර් 120ක වේගයෙන් බව ද වාර්තා වේ.

එම ප්‍රාන්තයේ ගොඩනැගිලි හා නිවාසවල වහල සුළඟේ පාකර හරිමින් හමා ගිය සුළි කුණාටුවේ වේගය අඩාළ වී කුණාටු තත්ත්වය පහ වී යද්දී පුද්ගලයන් 14 දෙනකුට ජීවිත අහිමි වී තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here