10
වසර 10කට පසුව බ්‍රැඩ්බි පලිහ තමන් සතු කර ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ පෙරේදා සමත් වූහ.
78 වැනි වරට පැවති තරගයේ මහනුවර පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති තීරණාත්මක දෙවැනි අදියර ලකුණු 25-23ක් ලෙස ජය ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් වූ අතර, පළමු අදියර ද ඔවුන් ජය ගෙන තිබුණේ ලකුණු 17-16ක් ලෙසිනි. ඒ අනුව සමස්ත තරගයේදි ලකුණු 42-39ක් ලෙස ජය තහවුරු කර ගැනීමට ත්‍රිත්ව පිලට හැකි විය.
ත්‍රිත්ව විදුහල බ්‍රැඩ්බි පලිහ තමන් සතුකරගත් 40 වැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට ඔවුන් එහි ශූරතාව දිනා තිබුණේ 2014 වසරේදීය. අනතුරුව පැවති තරගවලින් 2016දී ලකුණු සමවීමෙන් නිමා වූ අතර, තරග 5ක් (2015, 2017, 2018, 2019 හා 2023) ජය ගැනීමට රාජකීය විදුහල සමත්ව තිබිණි. කොවිඩ් වසංගතය හේතුවෙන් 2021 සහ 2022 බ්‍රැඩ්බි පලිහ තරගය පැවැත්වීමට නොහැකි විය.
දෙවැනි අදියරේ තරගයේ පළමු අර්ධය නිමා වන විටත් රාජකීය විදුහල ලකුණු 20-13ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියත් දෙවැනි අර්ධයේදී යළි ආක්‍රමණශීලි ක්‍රීඩාවක නිරත වූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ එහිදී තවත් ලකුණු 12ක් එක් කර ගනිද්දී රාජකීය පිලට එක් කර ගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.
ජයග්‍රාහී ත්‍රිත්ව විදුහල ගෝලයක් සහ දඬුවම් පහර 6කින් සිය ලකුණු එක්කර ගත් අතර, රාජකීය පිල ගෝල දිනුමක් සහ දඬුවම් පහර 3කින් ලකුණු රැස් කළේය.







