Home World News Room : ”එම්පොක්ස්” ආසාධිතයෙක් ඉන්දියාවෙන්

News Room : ”එම්පොක්ස්” ආසාධිතයෙක් ඉන්දියාවෙන්

1
0

” වඳුරු උණ ” හෙවත් ” එම්පොක්ස් ” වෛරස ආසාධිතයෙක් ඉන්දියාවෙන් සොයාගෙන තිබේ.

එම ආසාධිතයා මේ වනවිට නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකළ බව ඉන්දීය සෞඛ්‍ය අංශ ඊයේ නිකුත් කළ නිවේදනයකින් සදහන් කර ඇත. ඒ අනුව රෝගියා දිල්ලියේ සෆ්දර්ජුන් රෝහලේ හුදකලා වාට්ටුවට ඇතුළත් කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඔහු මෑතකදි විදේශයක සිට එරටට සංක්‍රමණය වූවෙකු බව ඉන්දීය සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.

මේ අතර එම ආසාධිතයා සමඟ සම්බන්ධතා පැවැත්වූවන් පිළිබඳව සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් ක්‍රියාත්මක කරන බවද සදහන් වේ.

The post ”එම්පොක්ස්” ආසාධිතයෙක් ඉන්දියාවෙන් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here