Home Sport News Room : රංගන හේරත්ට නවසීලන්තයෙන් ලැබුණු තනතුර

News Room : රංගන හේරත්ට නවසීලන්තයෙන් ලැබුණු තනතුර

2
0

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දග පන්දු යවන ක්‍රිඩක රංගන හේරත් පත් කර තිබේ.

ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය හා එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා මෙම පත් කිරීම සිදු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

නවසීලන්ත කණ්ඩායමේ දග පන්දු යවන පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ පාකිස්තානයේ සක්ලයින් මුෂ්ටක් වෙනුවට මෙම පත් කිරීම සිදු කර තිබේ. ඒ, මුෂ්ටක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමග දේශීය තරග වෙනුවෙන් උපදේශක තනතුරක් ලබා ගැනීමත් සමගය.

රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93 කදී කඩුලු 433 ක් දවා ගැනීමට සමත් වූ අතර, මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ද දග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෑතක් වන තුරුම කටයුතු කළේය.

මේ අතර, ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු Vikram Rathour නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද පත් කර ඇතත්, ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට පෙර ඇෆ්ඝනිස්තානය සමග ඉන්දියාවේ Greater Noida හී දී සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සදහා පමණක් ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here