Home Sport News Room : අර්ධ මැරතන් ජය සජිත්ට හා චාමිනීට

News Room : අර්ධ මැරතන් ජය සජිත්ට හා චාමිනීට

1
0

ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සංවිධානය කළ අර්ධ මැරතන් තරගයේ ජයග්‍රහණය සජිත් දිල්ශාන් ගුණසේකර හා චාමිනී සමුදිකා හේරත් දිනා ගත්හ. මේ දෙදෙනාටම රුපියල් ලක්ෂ 10 බැගින් පිරිනැමුණි.

කිලෝමීටර් 21.1ක දුර අර්ධ මැරතන් තරගය ගාලු මුවදොර පිටියෙන් ආරම්භවූ අතර, ගාලු පාර, මැරීන් ඩ්රයිව්, බේරේ වැව හා කොළඹ කොටුව ආදී ප්‍රදේශ ඔස්සේ ගමන් කළේය.

ඉන් පසුව කිලෝමීටර් 10ක චැලේන්ජර්ස් තරගය ආරම්භවූ අතර, කිලෝමීටර් 5ක ෆැමිලි තරගයක්ද සංවිධානය කොට තිබිණි. මෙම තරගවලට රටවල් 20ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 732ක් එක්ව සිටියහ.

අර්ධ මැරතන් තරගයේ ජයග්‍රහකයින් මෙසේය.

පිරිමි ඒකල තරගය (කි.මී. 21)

1.සජිත් දිල්ශාන් ගුණසේකර (රු.1,000,000), 2 . උදාර චානක රූපසිංහ (රු.500,000),

3. මධුරංග උපුල් කුමාර (රු.200,000)

කාන්තා ඒකල තරගය

1. චාමිනී සමුදිකා හේරත් (රු.1,000,000), 2. වත්සලා මදුශානි හේරත් (රු.500,000)

3. නයනා සෙව්වන්දි (රු.200,000)

කි.මී. 10 චැලේන්ජර්ස් තරගය

පිරිමි 1. සරත් කුමාර, 2. මුත්තුසාමි සිවරාජන්, 3. විමල්ක දිලුක්ශාන්, කාන්තා 1. මෙත්මි රසාරා, 2. සමන්තිකා දිල්හානි, 3. අජන්තා කුමාරි

කි.මී. 5ක ෆැමිලි තරගය

පිරිමි 1. සෙල්වරත්නම් චන්ද්‍රදාසන්, 2. ජාලිය කුමාර බණ්ඩාර, 3. මංජුල විජේරත්න,

කාන්තා – 1වේලු කරිශාන්තනී, 2. මාර්ලෙනා ප්ලාට්සර්, ඔස්ට්‍රියාව,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here