Home Sport News Room : 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් ශූර­තාව කොළඹ දකු­ණට

News Room : 17න් පහළ යූත් ලීග් ක්‍රිකට් ශූර­තාව කොළඹ දකු­ණට

0
0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආය­ත­නය සංවි­ධාන කළ අවු­රුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට විමත් දින්ස­රගේ නාය­ක­ත්ව­යෙන් තරග කළ කොළඹ දකුණ කණ්ඩා­යම සමත් විය.

ජාතික තලයේ ක්‍රිකට් තර­ගා­ව­ලි­යක් පළමු වරට අනු­රා­ධ­පු­ර­යේදී පැවැ­ත්වීම සනි­ටු­හන් කළ මේ තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී කොළඹ දකුණ පිල හමුවේ මහ­නු­වර කණ්ඩා­යම කඩුලු 6කින් පරා­ජ­යට පත් විය.

අනු­රා­ධ­පුර සමාධි ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් මහ­නු­වර පිල ලකුණු 192කට දවා­ගත් කොළඹ දකුණු ක්‍රීඩ­කයෝ ඕවර 35.4කදී ජය­ග්‍රාහී ඉල­ක්කය පසු කළේ කඩුලු 4ක් පම­ණක් දැවී තිබි­ය­දීය.

නායක විමත් දින්සර පන්දු 65කින් ලකුණු 77ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 2කින් වර්ණ­වත් විය. රෙහාන් පීරිස් ලකුණු 52ක් ඉනි­මට එක් කළේය.

මහ­නු­වර – 192 (ඕවර 38.2) කෞෂික කුමා­ර­සිංහ 47, ඇඩම් හිල්මි 42 (රන්දේශ් බණ්ඩා­ර­නා­යක 29/3)

කොළඹ දකුණ – 193/4 (ඕවර 35.4) විමත් දින්සර 77, රෙහාන් පීරිස් 52, සුහස් ප්‍රනාන්දු 35 (රයන් ග්‍රෙගරි 34/2)

නිරෝ­ෂාන් ප්‍රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here