Home Sport News Room : පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා පිල සූදානම්

News Room : පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකා පිල සූදානම්

0
0

ඩයලොග් ආසියාටා ව්‍යාපාර ප්‍රධානී යුෂාන් ගුණතිලක හා ජ්‍යෙෂ්ඨ කළමනාකරු අසිත් ද සිල්වා යන මහත්වරු අතින් ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායම වෙත අනුග්‍රහාක චෙක්පත පිරිනැමූ අයුරු.

ප්‍රංශයේ පැරිස් නුවරදී මේ 28 වැනිදා සිට සැප්තැම්බර් මස 8 දක්වා පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක සමිත දුලාන්ට හිමිව ඇත.

රටවල් 189ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400කට අධික පිරිසක් මෙවර පැරාලිම්පික් තරගාවලියට සහභාගීවීමට නියමිතය.

මීටර් 100 T44 ඉසව්වෙන් නුවන් ඉන්දික, F42/63 යගුළිය විසි කිරීමේ ඉසව්වට පාලිත බණ්ඩාර, මීටර 100 T42/63 තරග ඉසව්වට අනිල් ජයලත්, මීටර් 1500 T46 ඉසව්වට ප්‍රදීප් සෝමසිරි, පිහිනුම් S9 ඉසව්වට නවීඩ් රහීම්, දුර පැනීම T47 ඉසව්වට ජනනි ධනංජනා හා රෝදපුටු ටෙනිස් තරගයට සුරේෂ් ධර්මසේන එක්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here