Home Sport News Room : ටේබල් ටෙනිස් ශූරතා අක්‍රම් හා මනිෂා දිනති

News Room : ටේබල් ටෙනිස් ශූරතා අක්‍රම් හා මනිෂා දිනති

1
0

අම්බලන්ගොඩ කන්දෙගොඩ එස්. ආර්. එස්. ගෘහස්ථ ටේබල් ටෙනිස් ක්‍රීඩාංගණයේදී නිමාව දුටු 9 වැනි විවෘත ශ්‍රේණිගත කිරීමේ ටේබල් ටෙනිස් තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ෂහපියුල්ලා අක්‍රම් දිනා ගත්තේය. විවෘත කාන්තා ශූරතාව ජී. එස්. එම්. මේස පන්දු ඇකඩමියේ මනිෂා සාලින්දි දිනා ගත්තාය.

මෙවර පැවති තරගාවලියේදී කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිරන් හර්ම තරග වට 3-0 ක් ලෙස පරාජය කරමින් වයස 17න් පහළ පිරිමි ශූරතාව දිනා ගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ෂහපියුල්ලා අක්‍රම් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඩිනේෂ් කවිෂ්ක තරග වට 3-1ක් ලෙස පරාජය කරමින් විවෘත මේස පන්දු ශූරතාව ද දිනා ගත්තේය.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ලෙසන්‍යා සෙතුම්දි තරග වට 3-2ක් ලෙස පරාජය කළ ජී.එස්.එම්. මේස පන්දු ඇකඩමියේ මනීෂා ශාලින්දි විවෘත කාන්තා ශූරතාව දිනා ගත්තාය.

කරන්දෙණිය සමූහ – අනුරාධ ප්‍රියදර්ශන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here