Home World News Room : බලුකිස්තානයේ අධිවේගී මාර්ගයක වාහන නවත්වා සිවිල් වැසියෝ 40ක් ඝාතනය...

News Room : බලුකිස්තානයේ අධිවේගී මාර්ගයක වාහන නවත්වා සිවිල් වැසියෝ 40ක් ඝාතනය කරලා

2
0

දකුණුදිග පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ ක්වේටා – කරච්චි අධිවේගී මාර්ගයේ ස්ථාන දෙකකදී සිවිල් වැසියන් 40 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා රාත්‍රියේ එම මාර්ගයේ ගමන් ගත් මගී ප්‍රවාහන බස් සහ ට්‍රක් රථ කිහිපයක් නතර කර එහි සිටි මගීන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ට වෙඩි තබා ඇතැයි ද, එහි වගකීම බලුකිස්තාන විමුක්ති හමුදාව බාර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. සිවිල් වැසියන්ට වෙඩි තැබූ තුවක්කුකරුවන් වාහන 10ක් පමණ ගිනි තබා විනාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here