11
ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කුසලාන – ලෙබනන් ශූරතාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රිඩක හර්ෂ් ඩී පීරිස් ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටි මීටර් 175 ෆිට් මොඩල් ඉසව්වෙන් රන් පදක්කම හා සෙන්ටි මීටර් 173 ෆිසික්ස් ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත්තේය.
මෙම ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලිය ඉකුත් දා ලෝකයේ රටවල් 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් ලෙබනනයේ බේරූට් නුවර පවත්වා තිබුණි .
හර්ෂ කායවර්ධන ශූරයා ඊයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
කටුනායක ටී.කේ.ජී.කපිල









