Home Sport News Room : ලේක්හවුස් ක්‍රිකට් ශූරතාව ගොඩනැඟිලි අංශය දිනයි

News Room : ලේක්හවුස් ක්‍රිකට් ශූරතාව ගොඩනැඟිලි අංශය දිනයි

3
0

ලේක්හවුස් පාලනාධිකාරිය හා ලේක්හවුස් ක්‍රීඩා සමාජය එක්ව සේවක සුබසාධනය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ ලේක්හවුස් ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් ශූරතාව ලේක්හවුස් ගොඩනැඟිලි අංශය දිනාගත් අතර, නෙට්බෝල් ශූරතාව රතු රෝස කණ්ඩායම හිමි කර ගත්තේය.

ක්‍රිකට් අනුශූරතාව වෙළෙඳ මුද්‍රණ අංශය හා නෙට්බෝල් අනුශූරතාව නිල් රෝස කණ්ඩායමට හිමි විය. කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂ්වත් අයුරින් සංවිධානය කොට තිබූ මේ ලේක්හවුස් ක්‍රීඩා තරගාවලිය ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සමඟ සාමාන්‍යාධිකාරිතුමන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස නිශාන්ත හුළංදාව (ගොඩනැඟිලි අංශය), හොඳම පිතිකරු ජී.ජී.කේ. ප්‍රනාන්දු (බැක් ඔෆීස් අංශය) හොඳම පන්දු යවන්නා රිස්මි (ගොඩනැඟිලි අංශය) හා තරගාවලියේ වීරයා රුවන් අචින්ත (වෙළෙඳ මුද්‍රණ අංශය) සම්මාන දිනා ගත්හ.

දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස රන්දිලි පබසරා (නිල් රෝස කණ්ඩායම) හා හොඳම පන්දු විදින්නිය ලෙස ක්‍රිෂාණි ජයකොඩි (රතු රෝස කණ්ඩායම) සම්මානයට පාත්‍ර වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here