Home World News Room : බංග්ලා­දේශ ගංව­තු­රට 13ක් බිලි

News Room : බංග්ලා­දේශ ගංව­තු­රට 13ක් බිලි

0
0

අධික වර්ෂාව හේතු­වෙන් උද්ගත වූ ගංව­තුර තත්ත්ව­යෙන් බංග්ලා­දේ­ශයේ නැඟෙ­න­හිර පළා­තෙන් මරණ 13ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. එරට දිස්ත්‍රික්ක අටක ලක්ෂ 45කට අධික ජන­තාව අව­තැන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවැනි දරුණු ගංව­තු­රක් බංග්ලා­දේ­ශ­යට බලපා ඇත්තේ දශක තුන­කට පසුව බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ගංව­තුර තත්ත්වය හේතු­වෙන් අව­තැන්වූ පිරිස ආර­ක්ෂිත ස්ථාන කරා රැගෙන යෑමට පොලී­සිය සමඟ එක්ව එරට ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය දැවැන්ත මෙහෙ­යු­මක් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. ඊයේ වන විට ලක්ෂ දෙක­කට ආසන්න පිරි­සක් තාව­කා­ලික කඳ­වු­රු­ව­ලට පිටත් කර යැවූ බවත්, හමු­දාවේ සහාය ඇතිව විප­තට පත්වූ­වන් බේරා ගැනීමේ මෙහෙ­යුම සිදු කරන බවත් බංග්ලා­දේ­ශයේ ආපදා කළ­ම­නා­ක­රණ ඒක­කය වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර තිබේ.

The post බංග්ලා­දේශ ගංව­තු­රට 13ක් බිලි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here