Home World News Room : නේපා­ලයේ ගඟකට බස් රථ­යක් පෙර­ළෙයි

News Room : නේපා­ලයේ ගඟකට බස් රථ­යක් පෙර­ළෙයි

0
0

ඉන්දි­යාවේ සිට නේපා­ලය බලා ගිය මගී බස් රථ­යක් ගංගා­ව­කට ඇද වැටී­මෙන් එහි ගමන් ගත් පුද්ග­ල­යන් 21 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තව පුද්ග­ල­යන් 22දෙනකු තුවාල ලබා ඇති අතර, බස් රථය අන­තු­රට ලක්වන විට එහි මගීන් 40ක් පමණ සිටි බව ද වාර්තා වේ. එරට මාධ්‍ය සඳ­හන් කරන්නේ එම බස් රථය නේපා­ලයේ පොකාරා නුවර සිට කත්මණ්ඩු අග­නු­වර බලා ධාව­නය වෙමින් තිබි­යදී මේ අන­තුර සිදුවූ බවය.

අන­තු­රට හේතුව සහ ජීවි­ත­ක්ෂ­යට පත්වූ­වන්ගේ අන­න්‍ය­තාව මෙතෙක් තහ­වුරු වී නැති බවත්, අන­තුර පිළි­බඳ වැඩි­දුර පරී­ක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

The post නේපා­ලයේ ගඟකට බස් රථ­යක් පෙර­ළෙයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here