38
බංග්ලාදේශ ක්රිකට් ක්රීඩක ෂකීබ් අල් හසන් එරට ඇඟලුම් සේවිකාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට උසිගැන්වීම් හා අනුබල දුන් බවට චෝදනා කරමින් අඩබාර් පොලිස් ස්ථානයේ මිනීමැරුම් නඩුවක් පවරා තිබේ. ෂකීබ් අල් හසන් ක්රිකට් ක්රීඩකයකු මෙන්ම අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු බැවින් බලයෙන් පහ කළ හිටපු අගමැතිනි ෂීක් හසීනා ඇතුළු 156 දෙනකුට මේ චෝදනා එල්ල කර තිබේ. ක්රිකට් ක්රීඩක ෂකීබ් අල් හසන් මේ චුදිතයින් අතර 28 වැනියා ලෙස නම්කොට තිබේ.
වෙඩි තැබිමෙන් මියගිය ඇඟලුම් සේවිකාවක වන රුබෙල්ගේ පියා වන රෆිකුල් ඉස්ලාම් පැමිණිලිකරු ලෙස නඩුව ගොනු කර ඇත.
රෆිකුල් ඉස්ලාම් පොලිසියට පැමිණිලි කළේ පසුගිය අගෝස්තු 5දා මියගිය රුබෙල්, ඇඩබාර්හි රින්ග් පාරේ විරෝධතා පාගමනකට සහභාගි වී සිටියදී චුදිතයන්ගේ ඍජු හා වක්ර උපදෙස්, දිරිගැන්වීම්, ආධාර හා සහයෝගය මත කිසියම් පිරිසක් විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බවත් තම දියණියගේ පපුවට සහ උදරයට වෙඩි වැදී තුවාල ලබා මියගිය බවත් රෆිකුල් ඉස්ලාම් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.
මෙය සැලසුම්සහගත අපරාධ කුමන්ත්රණයක කොටසක් ලෙස සලකා හිටපු අගමැතිනි ෂීක් හසීනා හා ක්රිකට් ක්රීඩක ෂකීබ් අල් හසන් ඇතුළු චුදිතයින්ට දඬුවම් පමුණුවන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.
ප්රින්ස් ගුණසේකර









