25
පාකිස්තාන වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේදී අනතුරට ලක් වීමෙන් මගීන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද, තවත් 23 දෙනකු තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් 14 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එම අනතුර සිදුවී ඇත්තේ පාකිස්තානයේ සින්ද් ප්‍රාන්තයේ සිට ඉරානයේ ශුද්ධ නගරයක් වන කර්බාලා නුවර වෙත ගමන් කරමින් සිටියදී බවත්, අධික වේගය, මාර්ගය පිළිබඳ නොදැනුවත්භාවය හා බස් රථයේ තිරිංග දෝෂ අනතුරට හේතු බවත් මූලික පරීක්ෂණයේදී හෙළි වී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිටි බව ද වාර්තා වේ. මිය ගිය අය අතර කාන්තාවන් 11 දෙනකු හා පිරිමි පුද්ගලයන් 17 දෙනකු සිටින බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.