Home Sport News Room : නිපෝන් පේන්ට් පාපැදි ශූරයා යුද හමුදාවේ දිනූෂ

News Room : නිපෝන් පේන්ට් පාපැදි ශූරයා යුද හමුදාවේ දිනූෂ

0
0

තරගය ජයගත් යුද හමුදාවේ දිනූෂ සාරංගට නිපෝන් පේන්ට් බස්නාහිර පළාත් ප්‍රාදේශීය අලෙවි කළමනාකාර රාජේශ් විතානගේ මහතා අතින් ශූරතාව පිරිනැමූ අයුරු.

කෑගලු දිස්ත්‍රික් පාපැදි සම්මේලනය සමඟ එක්ව දෙහිඕවිට එක්සත් වෙළෙඳ සංගමය සංවිධාන කළ ‘නිපෝන් පේන්ට් පාපැදි සවාරිය’ ජය ගැනීමට යුද හමුදාව නියෝජනය කළ ඒ.පී. දිනූෂ සාරංග සමත් විය.

නිපෝන් පේන්ට් සමාගමේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ පසුගියදා දෙහිඕවිට නගරයේ සිට අවිස්සාවේල්ලට ගොස් යළිත් දෙහිඕවිට දක්වා වට 4කින් සමන්විතව පැවති මේ තරගය කිලෝමීටර් 170කට අධික දුරකින් සමන්විත වූ අතර, ශූරතාව දිනාගත් දිනූෂ සාරංගට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here