23
ලොව වයස්ගතම කාන්තාවගේ වාර්තාවට හිමිකම් කී ස්පාඤ්ඤයේ මාරියා බ්‍රන්යාස් මොරේරා ඊයේ ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 117 හැවිරිදි වියෙහි පසු වූ මොරේරා නිදි යහනේදීම මෙලොව හැර ගිය බව ඇගේ පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. අවුරුදු 118ක් ජීවත්ව සිටි ප්‍රංශ කන්‍යා සොහොයුරියක වූ ලුසිල් රැන්ඩොන් පසුගිය වසරේදී මිය යෑමෙන් පසු ලොව වයස්ගතම කාන්තාව ලෙස මොරේරා වාර්තාපොතට එක්වී සිටි අතර, ඊයේ ඇගේ අභාවයත් සමඟ ජපානයේ ටොමිකෝ ඉටූකා නමැති 116 හැවිරිදි කාන්තාව එම වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. වසර 1907 මාර්තු මාසයේ 4 වැනිදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ උපත ලැබූ මොරේරා තරුණ වියේදී ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ ස්පාඤ්ඤයේ පදිංචියට ගොස් තිබිණි.