Home Sport News Room : ඕවරයට ලකුණු 39යි යුවරාජ්ගේ වාර්තාව බිඳවැටෙයි

News Room : ඕවරයට ලකුණු 39යි යුවරාජ්ගේ වාර්තාව බිඳවැටෙයි

1
0

ඩාරියස් විසේර් ඕවරයකදී හයේ හයක් සමඟ ලකුණු 39ක් ලබා පිරිමි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය. 2026 ලෝක කුසලාන කලාපීය සුදුසුකම් ලැබීමේ තරගයකදී වනුවාටු පිලට එරෙහිව සැමෝවා ක්‍රීඩකයා මේ දස්කම දැක්වීය.

15 වැනි ඕවරය යැවූ වනුවාටු පිලේ නලින් නිපිකෝට හයේ පහර 6ක් එල්ල කිරීමට විසේර් සමත් වූ අතර, එම ඕවරයේ ඩොට් බෝල් එකක් හා නොබෝල් 3ක් ද වාර්තා විය. ඒ සමඟ 28 හැවිරිදි විසේර් මෙතෙක් විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ඕවරයක වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාසිටි ඉන්දීය ක්‍රීඩක යුවරාජ් සිංගේ වාර්තාව බිඳ දැම්මේය. යුවරාජ් 2007 දී ඕවරයකට ලකුණු 36ක් රැස් කර තිබිණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here