Home World News Room : බංග්ලාදේශයේ ඉන්දීය විරෝධය විපක්ෂයේ ප්‍රචාරක වැඩක් බවට වාර්තාවක්

News Room : බංග්ලාදේශයේ ඉන්දීය විරෝධය විපක්ෂයේ ප්‍රචාරක වැඩක් බවට වාර්තාවක්

0
0

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය එරට ඉන්දීය විරෝධයක් ප්‍රවර්ධනය කරමින් සිටින බවටත්, අන්තර්වාර රජයට එරෙහිව ද එම ප්‍රචාරක කටයුතු සිදුවන බවටත් තොරතුරු වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ශෙයික් හසීනා බංග්ලාදේශයෙන් පිටවීමෙන් පසු හින්දු විරෝධයක් වේගයෙන් පැතිරී යෑමට හා හින්දු ජාතිකයන් හිංසනයට ලක් වීමට එම ප්‍රචාරක කටයුතු බලපා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ එරට ක්‍රියාත්මක වන ජමාටි ඉස්ලාම් සංවිධානය විසින් සිදු කරනු ලබන බව කියන ඉන්දීය විරෝධී ප්‍රචාරක කටයුතු ආචාර්ය මාරූෆ් මාලික් නමැති පුද්ගලයකු ජර්මනියේ සිටත්, පිනාකි භාට්ටාචර්යා නමැති පුද්ගලයකු ප්‍රංශයේ සිටත් මෙහෙයවනු ලබන බව ද අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here