Home World News Room : අප්‍රිකාව වනසන වඳුරු උණ ගෝලීය වසංගතයක් වෙයිද ?

News Room : අප්‍රිකාව වනසන වඳුරු උණ ගෝලීය වසංගතයක් වෙයිද ?

0
0

පාකිස්තාන රෝගියා එමිරේට්ස් රාජ්‍යයේ සිට පැමිණි අයෙක්

අප්‍රිකානු මහාද්වීපයේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන වඳුරු උණ වයිරසය ආසාදිත වූ පුද්ගලයන් දෙදෙනකු ස්වීඩනයෙන් හා පාකිස්තානයෙන් හඳුනා ගැනීමත් සමඟ එය දැනටමත් ගෝලීය වසංගතයක මුහුණුවරකට හැරී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොංගෝ සමූහාණ්ඩුවෙන් ව්‍යාප්ත වූ බව කියන වඳුරු උණ වයිරසය අප්‍රිකානු කලාපයේ රටවල් 15කට ව්‍යාප්ත වී තිබූ අතර, අප්‍රිකාවෙන් පිට වාර්තා වූ පළමු රෝගියා පසුගියදා ස්වීඩනයෙන් ද, දෙවැනි රෝගියා පාකිස්තානයෙන් ද හඳුනාගෙන තිබේ.

පාකිස්තානයෙන් පළමුවරට වඳුරු උණ ආසාදිතයකු හඳුනා ගැනීමෙන් පසු එවැනි ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා එරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ. පාකිස්තානයේ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් පෙරේදා වාර්තා වූ එම වඳුරු උණ ආසාදිත පුද්ගලයා සතියකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයකු බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ වඳුරු උණ වයිරසය පිළිබඳ භීතියක් පැතිරී ගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ වන විට අප්‍රිකාවේ පැතිරී යන වඳුරු උණ වයිරසය වසර 2022දී එරට දරුණු වසංගත තත්ත්වයක් ඇති කළ ක්ලේඩ් 1 වර්ගයට අයත් වයිරසය බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති අතර, එය ‘ගෝලීය මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක්’ බවට පසුගියදා ප්‍රකාශයට පත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here