Home World News Room : වසර 5කට පසු උතුරු කොරියාව සංචාරකයන්ට විවෘත කරයි

News Room : වසර 5කට පසු උතුරු කොරියාව සංචාරකයන්ට විවෘත කරයි

2
0

කොවිඩ් වසංගතය හේතුවෙන් දේශසීමා වසා දැමූ උතුරු කොරියාවේ නගරයක් මීළඟ දෙසැම්බරයේදී සංචාරකයන් සඳහා විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියාවේ කඳු ආශ්‍රිත සම්ජියොං නගරයට ඇතුළු වීමට ඉතා ඉක්මනින්ම අවසර ලැබෙන බවට චීනය කේන්ද්‍ර කරගත් සංචාරක මෙහෙයුම් ආයතන දෙකක් දැනටමත් නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. වසර 2020 මුල් භාගයේදී සම්ජියොං නුවර සංචාරකයන් සඳහා වසා දැමීමට උතුරු කොරියානු රජය පියවර ගෙන තිබූ අතර, එම නගරය නැවත සංචාරක පුරවරයක් කිරීමට අවධානය යොමු කර ඇත්තේ පසුගිය වසරේදී බව ද වාර්තා වේ.

එම නගරය ආසන්නයේ පිහිටි දේශසීමාව වසා දැමීමෙන් සංචාරකයන්ට පමණක් නොව චීනය හා උතුරු කොරියාව අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට ද බලපෑම් එල්ල වී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here