Home World News Room : වසර 2047දී ඩොලර් ට්‍රිලියන 55ක ආර්ථික ඉලක්කයක් අතැතිව ඉන්දියාව...

News Room : වසර 2047දී ඩොලර් ට්‍රිලියන 55ක ආර්ථික ඉලක්කයක් අතැතිව ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි

0
0

ගෝලීය මෘදුකාංග ක්ෂේත්‍රය තුළ අතිදැවැන්තයකු ලෙස නැඟී සිටීමේ සිට බහුජාතික සමාගම්වල ඉහළම මට්ටමේ විධායක නිලධාරින්ගේ මූලාශ්‍ර සහිත රටක් ලෙසත්, අභ්‍යවකාශ මෙහෙයුම්වල සිට වර්ණවත් සිනමා කර්මාන්තයක බලවත් රටක් ලෙසත් නැඟීසිටීම දක්වා සියලු ආකාරයෙන් ජාත්‍යන්තරය දිග්විජය කරමින් ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සැමරූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. ලොව බහු ආගමික හා බහු භාෂා සහිත අතිවිශාල රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තරයට ආදර්ශයක් සැපයීමට ද එම කාලය තුළ ඉන්දියාව සමත් වූ බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසරකට 8% ක දළ දේශීය නිෂ්පාදිත අනුපාතයක් රඳවා තබා ගැනීමට හැකියාව ඇති බව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් ප්‍රකාශ කර ඇතැයි ද, සචින් ටෙන්ඩුල්කර් ක්‍රිකට් පිත්තෙන් ලෝකය ජයගත් ආකාරයේ පෙරළියක් සිදු කිරීමට සෑම අංශයකින්ම ඉන්දියාවට හැකියාව ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇතැයි වාර්තාවේ. එහි අදහස වන්නේ වසර වසර 2047දී ඉන්දියාව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 55ක ආර්ථිකයක් කරා යමින් ලෝක ආර්ථිකයේ බලවතා බවට පත්වීම බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here