Home World News Room : මාලදිවයිනේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 110ක්

News Room : මාලදිවයිනේ ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 110ක්

0
0

මාලදිවයිනට අයත් දූපත් 32කට ප්‍රමාණවත් අයුරින් ජලය හා සනීපාරක්ෂක ව්‍යාපෘතියක් සඳහා ඉන්දියානු රජය අමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාජ්‍යතාන්ත්‍රික ගැටුමකින් ඉන්දියාව සහ මාලදිවයින අතර සබඳතා පසුගිය වසරේදී බිඳ වැටී තිබුණ ද, මේ වසරේ සිට යළි දෙරට ඔවුනොවුන් අතර සබඳතා ශක්තිමත් කිරීමට එය විශාල පිටි‍වහලක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගියදා ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර්ගේ මාලදිවයින සංචාරය අතරතුර ජනාධිපති මොහොමඩ් මුයිසු හමුවූ අවස්ථාවේදී ඉන්දීය ණය ආධාර යටතේ එම මුදල් ලබා දීම සිදු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මාලදිවයිනේ 28,000කට ආසන්න ජනතාවට එම ණය ආධාර යටතේ ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ද, එම ව්‍යාපෘතිය යටතේ පිරිසුදු පානීය ජලය හා අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා පද්ධතිය නවීන තාක්ෂණය භාවිත කරනු ඇතැයි ද ඉන්දියාවේ විශ්වාසය වී ඇතැයි ද වාර්තා වේ. මීට අමතරව මාලදිවයිනේ ජනතාවට සූර්ය බලශක්තිය යටතේ සෝලා පැනලයන් සවි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ද එම ණය මුදල විශාල පිටිවහලක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here