Home World News Room : ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

News Room : ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

0
0

අප්‍රිකානු මහාද්වීපයේ වඳුරු උණ වයිරසය දරුණු අයුරින් ව්‍යාප්ත වීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානය යොමු වන ආකාරයෙන් එය ‘ගෝලීය මහජන හදිසි සෞඛ්‍ය තත්ත්වයක්‘ බවට ප්‍රකාශයට පත් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. කොංගෝ සමූහාණ්ඩුවෙන් ව්‍යාප්ත වූ බව කියන වඳුරු උණ වයිරසය මේ වන විට අප්‍රිකානු කලාපයේ රටවල් 13කට ව්‍යාප්ත වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් නිවේදනය කර තිබේ. වසර දෙකක් ඇතුළත වඳුරු උණ වයිරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ දෙවැනි වරට බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වසරේ ගත වූ මාස 7ක කාලය ඇතුළත අප්‍රිකානු කලාපයෙන් වඳුරු උණ රෝගීන් 17,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ද, මරණ 517ක් ක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එය පසුගිය වසරට වඩා 150% කින් ඉහළ යෑමක් බව අප්‍රිකානු කලාපයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ. මුල් අදියරේදී සත්වයන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බව කියන වඳුරු උණ පසුව මිනිසුන් අතර ව්‍යාප්ත වන බවත්, උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම, පිටකොන්දේ හා මාංශ පේශී වේදනාව එහි මූලික රෝග ලක්ෂණ බවත් වාර්තා වේ. උණ පහව ගියද, මාංශ පේශීන් කැසීමට පටන් ගන්නා බවත්, පසුව එය සිරුර පුරා පැතිරී යෑමත්, දෑත් හා දෙපාවල අධික කැසීම හේතුවෙන් ලප හෝ කුෂ්ඨ හටගන්නා බවත් වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here