Home World News Room : ජපාන අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

News Room : ජපාන අගමැති පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි

0
0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා එරට පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායකත්වයෙන් ඉවත්වී තිබේ.

ටෝකියෝ හිදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා නිවේදනය කළේ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන පාලක පක්ෂයේ මීළඟ නායකත්ව ඡන්දයට තමන් ඉදිරිපත් නොවන බවය.

ඉන් අනතුරුව ජපාන ව්‍යවස්ථාවට අනුව එරටට නව අගමැතිවරයෙක් පත්කරගැනීමට සිදුවනු ඇත.

67 හැවිරිදි කිෂිඩා 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී පාලක පක්ෂ නායකත්වයට පත්වූයේ තෙවසරක අගමැති කාලයක් ද සමඟින් ය.

කෙසේ නමුත් එල්ල වූ දූෂණ වංචා චෝදනා හේතුවෙන් කිෂිඩාගේ මූලිකත්වයෙන් යුතු 1955 වසරේ සිට රට පාලනය කළ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය හීන වී ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here