Home World News Room : බ්‍රසීල ගුවන් අනතුරින් 62ක් මරුට

News Room : බ්‍රසීල ගුවන් අනතුරින් 62ක් මරුට

1
0

මගී ගුවන් යානයක් බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවර ආසන්නයේ පිහිටි වින්හෙඩේ ප්‍රදේශයේදී කඩා වැටිමෙන් එහි ගමන්ගත් සියලු පුද්ගලයන් ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය සෙනසුරාදා සිදුවූ එම ගුවන් අනතුර බ්‍රසිල ගුවන් අනතුරු ඉතිහාසයේ වඩාත්ම දරුණු අනතුරක් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අනතුර සිදුවී ඇත්තේ එරට දේශීය ගුවන් සමාගමක් වන වෝපාස් ගුවන් සේවයට අයත් එම ගුවන් යානය සාඕ පාඔලෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් සිටියදී බවත්, ඒ වන විට මගීන් 58 දෙනකු සහ නියමුවන් දෙදෙනා ඇතුළු කාර්ය මණඩලයේ සිව්දෙනකු ගුවන් යානයේ සිටි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගිනිගත් යානයේ සුන්බුන් අතුරින් මේ වන විට සියලු මළ සිරුරු සොයා ගෙන ඇතැයි ද, අනතුරට හේතුව සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ද බ්‍රසීල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here