Home World News Room : ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස අමෙරිකාව බංග්ලාදේශයට දැනුම් දෙයි

News Room : ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ලෙස අමෙරිකාව බංග්ලාදේශයට දැනුම් දෙයි

0
0

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරන ලෙස අමෙරිකාව බංග්ලාදේශ අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මහාචාර්ය මොහොමඩ් යූනුස්ගේ නායකත්වයෙන් යුතු බංග්ලාදේශ අන්තර්වාර රජය එරට දීර්ඝ කාලීන සාමය හා දේශපාලන ස්ථාවරභාවය සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. රට ඉදිරියට ගෙනයෑමට ගෙන ඇති පියවර සම්බන්ධව දැනටමත් අන්තර්වාර රජය සමඟ සාකච්ඡා කර ඇතැයි ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හිටපු අගමැතිනිය ශෙයික් හසීනාට අමෙරිකාවට පැමිණීමට වීසා ලබාදීම සම්බන්ධව අවධානය යොමු කළේදැයි මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් ඔහු සඳහන් කර ඇත්තේ අමෙරිකාවේ නීතියට අනුව වීසා බලපත්‍ර අතිශය රහසිගත වන බැවින් ඒ පිළිබඳ තොරතුරු හෙළි කළ නොහැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here