Home World News Room : උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට

News Room : උගන්ඩාවේ කසළ කන්දක් නායයෑමෙන් 18 ක් මරුට

0
0

උගන්ඩාවේ, කම්පාලා අගනුවර කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී, කසළ කන්දට යටවූ තවත් 14 දෙනෙකු බේරාගැනීමට හැකිව ඇත.

දශක ගණනක් පැරණි එම කසළ කන්ද අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑමට ලක්ව ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි නිවාස ඊට යට වී ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.

උගන්ඩාවට පසුගිය සති කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබුණු අතර ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ නායයෑම් ඇති විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here