Home World News Room : ඊශ්‍රායලයට පහරදීම ගැන ඉරාන ජනපති සහ හමුදාව මත දෙකක

News Room : ඊශ්‍රායලයට පහරදීම ගැන ඉරාන ජනපති සහ හමුදාව මත දෙකක

0
0

හමාස් නායකයා ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්වීම මත ඊශ්‍රායලයට පහර දීම සම්බන්ධව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් හා එරට විප්ලවීය ආරක්ෂක හමුදාව මත දෙකක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායලයට පහර දිය යුතු බවට ඉරාන අාධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි කළ ප්‍රකාශයට අනුව ඊශ්‍රායලයේ ටෙල් අවීව් ඇතුළු නගර ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර එල්ල කළ යුතු බව එරට විප්ලවීය හමුදාවේ අදහස වුවද, ඉරාන ජනාධිපතිවරයාගේ තීරණය වී ඇත්තේ කලාපයේ යුද අර්බුදයක් මතු වීම වළක්වමින් මොසාඩ් ඔත්තු සේවා කාර්යාල ස්ථාපිත කර ඇති එම කලාපයේ රහසිගත ස්ථාන වෙත පහර එල්ල කළ යුතු බවය. හෙස්බුල්ලා සංවිධානය හා එක්ව එකම මොහොතක ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඉරාන විප්ලවීය හමුදාවේ තීරණය වි ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here