47
දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන ලාඕසයේ අධික විදේශ ණය බර හේතුවෙන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ජලාශ ආශ්‍රිතව වේලි, දුම්රිය ස්ථාන, ජලවිදුලි බලාගාර, හෝටල සහ නේවාසික ගොඩනැඟිලි සංකීර්ණ ඇතුළුව ව්‍යාපෘති රැසකට චීනයේ දායකත්වය ලැබී ඇති අතර, එම ව්‍යාපෘති මෙතෙක් අවසන් නොකිරීම හේතුවෙන් ඒ සඳහා ලබා ගත් විශාල ණය මුදලක් ආපසු ගෙවීමේ අභියෝගයට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අමෙරිකාවේ නිව්යොක් නුවර මූඩි ආයෝජන සේවාවේ උපසභාපති අනුෂ්කා ෂා ප්‍රකාශ කර ඇති පරිදි පසුගිය 2022 අමෙරිකානු ඩොලර් මිලියන 507ක්ව තිබූ විදේශ ණය පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 950ක් දක්වා ඉහළ ගොස් ඇත. එය ලාඕසයේ මූල්‍ය හා දේශපාලන දෙඅංශයේම අර්බුද උග්‍ර තත්ත්වයකට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
එරට මුදල් ඒකකය අවප්‍රමාණය වීමත්, උද්ධමනය ඉහළ යෑමත් හේතුවෙන් විදේශ ණය ආපසු ගෙවීම තවදුරටත් සංකීර්ණ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඉන්දු පැසිෆික් සංවර්ධන මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ දිගුකාලීනව පමණක් ගෙවිය හැකි ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා ණය ලබා ගැනීමෙන් ලාඕසයට මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු වී ඇති බවය.







